Friday, 9 February 2018

වළහා දැක්ක හැටි

ඕං ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ චංදරය මේ වාඩියට ආවා බොලාට කතාවක් කියල යන්න.

චංදරයට ඉස්සර ඉඳලම තියෙන උණක් තමයි කැලෑ බලන්න යන එක. ඉඩක් හම්බුනු ගමන් කොරන්නෙ යාල, විල්පත්තු වගේ පාර්ක් එකක් ඇතුලෙ තියෙන කෑම්ප් සයිට් එකක් හරි වනජීවි එකෙ බන්ගලො එකක් හරි බුක් කරල ගයියල, කිරියල, නිරයල එක්ක වල බහින එක. මේ සිහි නැතිවෙනකල් බීලා ආතල් ගන්න නෙවි. සත්තු බලල පොටෝ ගහල ගන්න ආතල් එකටයි. ඔය වැඩේ හින්ද චංදරයට කැලේ රජා කියාල මහ පල් කාඩ් එකකුත් දාල තීනව කියල ආරන්චි උනා මේ ලඟදි ..

චංදරයට 2013 දි දොල දුකක් ආව වස්ගමු පාක් එක බලන්න යන්න. මැදපිටිය කෑම්ප්සයිට් එකත් බුක් කරල හතරවටේම ඉන්න මචංල සැට් එකට කෝල් කලා ගමන යන්න. අන්තිමේදි නිරයයි, කිඹුල අයියයි, කිරියයි, ගය්යයි වැඩේට කැමති කොරගන්න චන්දරයට පුලුවන් උනා. ඒ කොරල ඇල්බිජුසන්ගෙ ටෙන්ට් එකයි අනෙක් අඩුම කුඩුමයි චංදරයගෙ වෑන් කටුවට පටෝගෙන නඩේ උදෙංම පිටත් උනා.

දඹුල්ලෙන් යමුද, මාතලේ රිවස්ටන් සයිඩ් එකෙන් යමුද කියල වාද කොර කොර ගිය සෙට් එක කිඹුලයියගෙ වචනෙට සරෙන්ඩර් වෙලා මාතලෙන් යන්න තීරනේ කොලා. ඒ වගේ ගොබ්බ අයිඩියා එකක් චංදරයල ඉතිහාසෙටම අරන් තිබ්බෙ නැති වග තේරුනේ රිවස්ටන් පාස් කරනකොට හවස 4ත් පහුවෙලා තිබ්බ හින්ද. කිඹුලයියගෙ කරුංක ගෙඩිය සයිස් මොලෙන් ගත්ත ආස්චර්යමත් තීරනේ අගේ කොර කොර කස්ටිය විග විගහට පාක් එන්ට්‍රන්ස් එකට පෑගුවෙ අඩුම ගානෙ 5.30 වෙනකොටවත් ඇතුලට ගියෙ නත්නම් කරුවලේ ටෙන්ට් එක ගැහිලි බැරිවෙන බව  දන්න නිසයි.

ඒ මදිවට වටිං ගොඩිං කලු කරල දෙන්න ගත්ත මොරසූරන වැස්සක්. කලින් දෙවතාවකදිම වස්ගමු ගමං අල උනු චංදරය  ඉන්තේරුවෙන්ම දැනගත්ත මේ ගමනත් වැඩේ පීචං වෙනව කියල. කෝමිං කෝමිං හරි කස්ටිය පාර්ක් ඔපිස් එකට එනකොට හවස 6.15 වෙලා තිබ්බ. ඒ මදිවට වැස්ස තවත් තද කරල තිබ්බෙ.

පෝමිට් එක අරං සංතෝසෙං ඔපීසියට ගිය චන්දරයලට පාක් වෝඩන් මහතැන් කීවෙ  නැතෑ වහින නිසයි මහවැලි ගඟ උතුරන හින්දයි ඇතුලට යන්න දෙන්න බෑ කියල. කොච්චර පිංසෙන්ඩු උනත් යන්න නම් දෙන්න බැහැ කීව.

"ඔයාලට ඕනෙම නම් මේ ඔපීසියෙ තීන මූසියම් එකෙ ටෙන්ට් එක ගහන් රෑට ඉන්න" කියල ඒ මහතැන් කීව. මොනා කොරන්නද ආපහු යන්නත් බැහනෙ, කරුමේ තමයි කියල අන්තිමට මූසියම් එකෙ ටෙන්ට් එක ගහන්න කස්ටිය හිත හදාගත්ත.

වැඩේ අල උනු එකේ අප්සැට් එකත් එක්ක ආපු පජාත මානසිකත්වයෙන් චංදරයල රෑ නවය හමාර වෙනකොට ටෙන්ට් අතුලට වැදිල බුදී ගත්තා.

"ඒයි ඒයි නැගිටපිය.. අන්න වලහ අවිත් යකෝ" ඇඟේ අමාරුවටත් එක්ක හොඳට නිදන් උන්නු චංදරයට  ලාවට වගේ කිරිය කතාකරනව ඇහුන විතරයි සත්තු බලන උනෙන් උන්නු චන්දරයට ඒක ඇහුනේ නිකං දිවිය වාක්කියක් වගේ. කිරිය අනෙක් එව්ංටත් කතා කොලා. ගයියයි,නිරයයි, කිඹුලයි දඩිබිඩි ගාලා නැගිට්ට. "යකූ මොන වාසනාවක්ද මේ. වෙලාවට බං අපි මෙතන ටෙන්ට් ගැහුවෙ. වස්ගමුවෙ වලහෙක් දකින එක පුදුම වාසනාවක් තමයි". චංදරය කිඹුලට පාරං බෑව. කෑ නොගහ හිටිං උත්තො ඒකත් යන්න යයි...කිඹුල චංදරයට සැර උනා..
වෙලාව පාංදර 3යි. වැස්ස තුරල් කරල තිබ්බ.

කොහෙද යකෝ වලහ ඉන්නෙ ? කෝමද උබ දැක්කෙ? ඉස්මන්ට පෙන්නපිය..ගයිය කිරියට රහසින් සද්දෙ  දැම්ම...හරි හරි බං මං හුජ්ජ කොරංට ජැටිය දිහාට ගියා එතකොට සද්දයක් ආව පහල පඳුරු අස්සෙන්.. බලනකොට වලහ යකූ...

වරෙව් සද්ද නොකර හෙමින් මං පස්සෙන්.. කෝ දීපන් ටෝච් එක.. මං ඉස්සරහට ගිහින් හරියටම අරූ ඉන්න තැනට ටෝච් එක ගහනව..එතෝට බලාගනිල්ල හරිය.. රහසිං කියපු කිරිය ඉස්සර උන..චංදරයල සැට් එක හීං අඩි තිය තිය පස්සෙන් ගෑටුව..
චන්ංදරයගෙ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙන්න ගත්ත.ඇය් යකූ ජීවිතේටම මේම චාන්ස් එකක් ලැබිල තිබ්බෙ නෑ.කිඹුලයි නිරයයි ඕනෙවටත් වඩා පරෙස්සං වෙනව සද්දෙ නොඇහෙන්න...

හොරෙං වගෙ සීරුවට අඩි තිය තිය  ඉසරහිං ගිය කිරිය එකපාරටම නතර උනා ජැටිය කෙරෝලෙ..ඒ කරල අතින් චංදරේලට නතර වෙන්න කියල ඔඩර් කලා. මේක තමයි ජීවිතේ හොඳම සෆාරිය බං..චංදරය කිඹුලට හැඟීම් බරව මිමිනුව..."ඔව් යකූ.. කියල වැඩක් නෑ...දන් අරූ ටෝච් එක ගැහුව ගමං  අපි වලහ දකිනවනෙ...

විනාඩියක් විතර සද්ද නැතුව ජැටිය කෙලවරේ උන්නු කිරය ටෝච් එක පත්තු කරල පහලින් තිබ්බ පඳුරු දිහාට ගැහුව,,චංදරේල මාන කොක්කු සැට් එකක් වගේ වලහ බලන්න කකුල්වල ඇඟිලි වලින් ඉස්සුන..තප්පර පහලවක් ඉතර උස්මක් නැතුං ගෙවිල ගියා..

එකපාරටම සරම ඉස්සුව කිරිය ටෝඅච් එක උගෙ කලුම කලු පුකට ගැහුවා..ඒයි..මේ තමයි උත්තනේ වලහා..ඇද්ද තොපිට...ආව මෙතන වලහ බලන්න.. පක්කු...

අන්න ඒමයි චංදරයල වලහ දැක්කේ..


Add caption


 චංදරයල ටෙන්ට් ගහන් උන්න මූසියම් එකයි, කිරිය වලහ පෙන්නපු ජැටියයි තමයි ඔය උඩ තීන පිංතූර වල තීන්නෙ

ඕකේ එහෙනං..අදට චංදරය කැපුන....












Monday, 17 July 2017

සීට් බෙල්ට් නැතුව බයික් එකේ ගිය හැටි...!!

බෝම කාලෙකට පස්සෙ ඔන්න චන්දරය ආයෙ ආවා..!!

අද කියන්න යන සීන් එක උනෙ 2012 වෙසක් දවසෙ. චන්දරයට ඉස්සර ඉදන් වෙසක් දවසෙ දන්සැල් කන්න යන පොඩි උණක් තියෙනවා. උදේට තාත්ත එක්ක ගමේ ගෙදර වෙසක් සැරසිලි කරල ඉවරවෙලා පොල්ගෙඩි රත්නය එක්ක නැත්තං, වොලබිය හරි අක්කුව හරි එක්ක වෑන් කට්ටෙ නැගල දන්සැල් කන්න යන එක තමා චාරිත්තරේ.

ඉස්සර නම් පුට් සයිකලේ නැගල ප්‍රින්ගල්ල, දනප්‍රටයල කලු සුරුට්ටුවල එක්ක ගියෙ. උන් ගැන වෙනම කතා සෙට් එකක්ම තීනව, පස්සෙ කියන්නම්කො.

කෝමහරි 2012 වෙසක් දවසේ අපේ වෑන් කට්ට තිබ්බෙ නෑ. ඉතින් චන්දරයත් බොහොම විස්සෝපෙන් මුලු ලයිෆ් එකම පජාත උනු ගානට කල්පනා කොර කොර උන්නා. ඇයි ඉතින් මේ ගූඩ් දවසෙ දන්සලක් වත් වන්දනා කොරගන්න බැරිවෙනවනෙ. ඒ මදිවට වොලබිය වත්, පොල්ගෙඩි රත්නය වත් ගමේ උන්නෙ නෑ.

ඔන්න ඕම රාහු කාලයක් යන වෙලාවෙ එකපාරටම දවල් එකට විතර අක්කුව ස්කූටියක නැගල අපෙ ගෙදරට වැඩම කොලා. අය්යෙ මොකෝ කියන්නෙ, යමුද රවුමක්? වචනෙ කටින් එනකන් මයෙ දෙය්යො බලන් උන්නෙ..යමන් යමන් චන්දරයත් එකපයින් කැමති උනා.ඒත්, කෝ බොල හෙල්මට්? හෙල්මට් නැතුව යන්න නම් කතා කොරන්නවත් එපා. ඒපාර අක්කුව හෙන පල් හිනාවක් දාල කියාපි අද කොහෙද යකෝ පොලිසියෙන් අල්ලන්නෙ, අද වෙසක් දවසනෙ උනුත් දන්සැල් කන්න යනව, මන් දැක්ක ඕන තරම් හෙල්මට් නැතුව යන එකාල, උබ බයනැතුව නැගපන් අය්යෙ.


ඔව් හැබෑට, අද වගෙ දවසක අපිව අල්ලන්න පොලොසියෙ එකාලට පික්සුද? උනුත් ෆන් ගන්නව ඇති, එහෙම කල්පනා කොරපු චන්දරය හා එහෙනන් යමන් මන් පස්සෙන් එල්ලෙන්නං කියල ස්කුටියෙ පස්සෙන් යහපත් උනා. අක්කුවත් අර අතුරෙ යන එකා වගේ අමාරුවෙන් ස්කූටිය බැලන්ස් කොරන් ගුරු පාරෙන් තාරපාරට දැම්ම. පාරෙ පුදුමාන්තර සෙනගක්, ඇයි ඉතින් දන්සල් කාල පින් රැස්කොරන්න යන අයගෙන් පිරිල. මුන් යන්නෙ අවුරුද්දක් තිස්සෙ බත් උළු ඇටයක් ඇහැට දක්කෙ නැති එඋන් ගානට.  බයික් වලයි පුස් බයිසිකල් වලයි, කැලෑ කොල ගහපු ලෑන්ඩ්මාස්ටර් කටුවලයි, හූ තියාගෙන, සින්දු කියාගෙන, බබ්බු හම්බුවෙන්න ඉන්න ගෑනු, නාකි අච්චිල සීයල, ඇටීකිති කොල්ලො කෙල්ලො, මනමාල විසේ ඉහටගහපු ගැටයො, ගැටිස්සියො ආදි වයිවාරන්න එකාල ඔක්කොම පාරේ. පුදුම සද්ධාවක් තියෙන්නෙ. වෙන මොකවත් නෙවි දන්සැල් කන්න. අම්මප..


කෝම හරි මහපාරෙ අපි ගියෙ යාර දෙසීයයි එකපාරටම අක්කුව  පො.. පො.. පොලොසියෙන් බොල කියල උපන් ගොතයක් තියෙන එකෙක් වගෙ බය බිරාන්තවෙලා බෙරිහන් දීපි. හුටා...ඇත්ත නේන්නම් මෙන්න බොලේ ඉස්සරහින් මහ සෙනග අස්සෙ එනව නේද කොස්සො දෙන්නෙක් බයික් එකකින්. චන්දරයට හීන් කලන්ත ගතියක් ආව. බයික් එක දාපිය යකෝ අර වත්ත දිහාට ඉස්මනට කියල චන්දරය අරුට කෑගැහුව... අක්කුව මීමැස්මොරේ හැදුනු එකෙක් බයික් එක පදිනව වගෙ වෙවුල වෙවුල රාලාමියගෙ වත්තෙ ගේට්ටුව ඉස්සරහට දැම්ම.ටක් ගාල බැහපන් යකෝ, උන්ට සැක නොහිතෙන්න අපි පයින් ආපු එකාල දෙන්නෙක් වගේ ඉමු කියල චන්දරය කිව්ව. හා හා කියපු අක්කුව බලු බල්ලෙක් නැති රාලාමියගෙ පොල්වත්තෙ චන්දරයට පොල් පෙන්නන්න  ගත්ත, චන්දරයත් අත් දෙක ඉනේ තියන් හෙන උනන්දුවෙල් පොල්වත්ත දිහා බලාන උන්න.

ඔන්න එකපාරටම මගෙ කරට අතක් ආව.."තමුන්ල හෙල්මටුත් නැතුව මේ කොහෙද යන්න ගියෙ.?? ඉතාම කරුනාවන්ත කටහඬක් චන්දරයට ඇහුන. ඇස් නිලන්කාරෙ එක්කම අක්කුවයි චන්දරයයි බොහොම අහින්සක හිනාවක් දාගෙන පොලිස් මාමිල දෙන්න දිහාට හැරුන.." නෑ සර් අපි මේ පයින් ආවෙ සෙනග බලන්න හි.. හි.." අක්කුව හෙනම මෝඩ පහේ බයාදු ලයින් එකක් දුන්න.."එහෙනම් මොකොටද අයිසෙ පොල්වතු දිහාබලන් කොරන්නෙ? තමුන්ල දෙන්න ආපු හැටි අපි දැක්ක..පලවෙනි වැරැද්ද හෙල්මට් නැතුව බයික් පැදීම, දෙවෙනි වැරැද්ද පොලීසිය නොමග ‍යැවීමට තැත්කීරීම..තමුන්ල දෙන්නව සති දෙකකට කෙලින්ම රිමන්ඩ් කොරන්න පුලුවන්..දැනගන්නවල.." චන්දරයට සහතිකෙන් කියන්න පුලුවන් ඒක ඇහුන වෙලාවෙනම් අක්කුවටයි චන්දරේටයි මුත්තරා බින්දුවක් හරි පහ උනා කියල...

"අනේ සෑර් අපිට අනුකම්ප කොරන්න අපි වැරද්දක් තමයි කොලේ" වෙසක් දවසනේ ඉතින්...චන්දරය අත් දෙකම එකතුකොරල අමුම අමු බලුසරි ලෙවෙල් එකට වැටිල කිව්ව.

"හා හා ඒකෙන් කමක් නෑ.. ගන්නව මේකෙ ලයිසොන් ඉන්සුරන්ස් බලන්න ලොක්ක සැරෙන් කිව්ව..

අක්කුව ලයිසොන් ඉන්සුරන්ස් ගන්න සීට් එක උස්සල හොයන්න ගත්ත....අනේ ඒක නෑ වගෙ සර්....

කෝ අයිසෙ මේකෙ ලයිසන් ඉන්සුරන්ස්? මේ බයික් එකට ලයිසන් ඉන්සුරන්ස් නෑ නේද? වැරදි තුනයි.. ගන්නව තමුන්ගෙ ලයිසන් එක බලන්න අනෙක් කොස්ස අක්කුවට සද්දෙ දැම්ම...


චන්දරයට පෙනුන අක්කුවට සිහි නැතිවෙන්න ඔන්න මෙන්න වගේ කියල..ඌ බොහොම හීන් කෙඳිරිලි හඬකින් සර් මට් ලයිසන් නෑ සර් කියල අමාරුවෙන් වචන පටලවගත්ත..

"මොකක් තමුසෙට ලයිසනුත් නැත්ද? පුදුම මිනිහෙක් නෙ ඕයි.."

දෙයි හාන්දුරුනේ මේ වගේ පොල් බූරුවෙක් එක්කද යකෝ මන් ආවේ...ඇත්ත නෙන්නම් මේකට තව 16ක් වත් ලැබුවෙ නෑනෙ..

මේකනම් පෙර කරුමයක් පඩිසන්දෙන්න යන ලයින් එකක් තියෙන්නෙ..චන්දරයට හිතුන...

දැන් වැරදි හතරයි..කිසිම සමාවක් නෑ..අඩුම ගානේ එකෙක් හෙල්මට් දාල උන්නනම් සලකල බලන්න තිබ්බ..ඩ්‍රයිවර්ට ලයිසන් නැති නිසා දඩයක් වත් ලියන්න බෑ. .අපිට බයික් එක අරන් යන්න වෙනව...

.අනේ සර් බයික් එක නම් අරන් යන්නෙපා..දඩයක් ලියන්න..

අක්කුව අඬන්න ඔන්න මෙන්න වගේ..ඒ පාර චන්දරය කට දැම්ම..අනේ සර් බයික් එක නම් අරන් යන්නෙපා.මගෙ ලයිසන් එක අරන්වත් මගේ නමට දඩ කොලේ ලියන්න..අද වෙසක් දවසනෙ..පොඩ්ඩක් අපි ගැන අනුකම්පා කරන්න..

ඒපාර කොස්සො දෙන්න ටිකක් වෙල කල්පනා කලා.."හරි එහෙනම් දෙනව තමුන්ගෙ ලයිසන් එක..ඒකටවත් ලියන්න..මන් හිතන්නෙ කොස්ස මාමිට කවුරු හරි ආරස්සක දේවතාවෙක් වැහුන...අයි යකූ බයික් එක නැතිවෙලා උසාවිවල රස්තියාදු වෙනවට වඩා රුපියල් පන්සීයක් ගෙවල වැඩෙ ගොඩින් බේරගන්න පුවන්නේ..චන්ඩරය දඩිබිඩි ගාල උගෙ ලයිසොන් එක අරන් අත් දෙකෙන්ම මාමිලට පිදුවා..

"තෑන්ක් යු වෙරි මච් සෑර්!!"

දැන් එකෙක් දඩේ ලියනව අපි හෙල්මට් නැතුව ගියා කියල..

එක පාරටම චන්දරයට පොඩි දෙයක් මතක් උනා...හුටා..මට තීන්නෙ කාර් ලයිසොන් ඉතරනෙ..වසල හමාරයි..

"සර් පොඩී අමතක වීමක් උනා මට"

ඇයි අයිසෙ.. ඒ පාර මොකක්ද?

මට තීන්නෙ කාර් ලයිසොන් විතර නෙ.. චන්දරය බලල් පැටියෙක් ගානට අහින්සක ලීලාවෙන් කිව්වා"

බූරුවො අය් යකූ ඕක කලින් නොකිව්වෙ..මන් මෙ කොලේ ලියල ඉවර වෙනකන් උබට ඒක මතක් උනෙ නැද්ද? කොලේ ලියාපු කොස්ස මාර දිව්ය පුත්තරය ආවේස උනු ලීලාවෙන් ගෝරනාඩුව දැම්ම...!!

මොනව කරන්නද දැන්.මේක මේ විදියට ලිව්වොත් අපි අහුවෙනව පිටිපස්සෙ ඉදන් ගිය එකට දඩේ ලියල තියෙන්නෙ කියල..හෙල්මට් කතාව කපල දාල..ආසන පටි පැලඳ නොයාම කියල වත් වැරද්ද වෙනස් කරමු.. ඒක නෝට් වෙන එකක් නෑ නම්බර් එක බයික් නම්බර් උනාට..

පොල් බූරුවො දෙන්නා..අපිවත් නැති කරනව තව පොඩ්ඩෙන්...

ඒම කියපු කොස්ස වැරැද්ද සීට් බෙල්ට් නොදා යාම කියල ලිව්ව...හැබයි බයික් නම්බර් එකට.. පිටිපස්සෙ ගිය එකාට..

ඇනිද්ද ඇවිත් දඩේ ගෙවල ලැයිසොන් එක බේරගන්නව..කියාපු උන් දෙන්න චන්දරයගෙ ලයිසොන් එකත් අරන් දඩ කොලේ දීල යන්න ගියා..

චන්දරය අක්කුවට ලුණු ඇඹුල් ඇතුව වෙසක් දවසෙ කියල බලන්නෙ නැතුව ඇමතුව ලයිසොන් නැතුව ආවට...සම්ම වාචාවෙන්ම...

එන්න ඒමයි චන්දරයි අක්කුවයි සීට් බෙල්ට් නොදා බයික් එකේ දන්සල් කන්න ගියෙ...


රායිට් එහෙනම්.. චන්දරය අදට කැපුන ඕං...


Wednesday, 22 March 2017

ගයියගෙ ඩොලර් එකසිය අසූ එකේ කෝපි එක



අඟහරුවාදා හැන්දෑවෙ චන්දරයගෙ පෝන් කටුවට ගයියගෙන් කෝල් එකක් ආපි.

අඩෝ මච්චාං..... උබ දන්නවද වැඩක්.. මන් අද ඩොලර් එකසිය අසූ එකකට කොෆී එකක් ගැහුවා.

හුකෑස්...මොකක්? උබ අරාබියෙ සුල්තාන් කෙනෙක් වත්ද බන්? කෝපි එකේ ගාන ඇහුවම ආපු හීනි කලන්තෙ ගතියත් එක්කම මන් ඒම ගය්යගෙන් ඇහුව.

ඇපි ඒම පොරවල් බන් දැන්. උබල වගේ පඩ ඩයල් නෙවි. ගය්යගෙන් පොර ටෝක්ස් විමානයයි.

යකෝ දවසට ඩොලර් සීයක් එකසිය පණහක් හොයාගන්න පුදුම කටුවක් කන ගය්යල අපි වගෙ හින්නි ඩෑල් වලට ඩොලර් දහයෙ කොෆීත් ඉතින් හෙන ලක්සිරි බඩු නෙ. අනෙක සෙවෙන් එලෙවෙන් කියන කඩවලින් ඩොලර් එකට ඉස්මෝල් කොෆී එකක් ගන්න පුලුවන්නෙ. චන්දරය ඒම කල්පනා කලා.

හැබැයි මුට ලොටරියක් නම් ඇදිල නෑ සුවර්.

ඒත් කියන්න බෑ..  ගයියට ඉන්නව හෙණම එක්ස්පෙන්සිව් ඒ වගෙම හෙනම එක්ස්ප්ලොසිව් වයිෆි කෙනෙක්. ෂොපින් මෝල් එකකට ඒම ඒකි එක්ක ගියොත් ඉතින් වසල හමාරයි. අනිවා ඩොලර් සීයකට හමාරකට ගයියට තට්ටු වෙනව.ඇරන් දෙන්න බෑ කිව්වොත් ඉතින් ගය්යට ආටි ක්ලෙමෝ වලින් තමයි ඇටෑක් එක එන්නෙ.

උබ ගෑනි එක්ක සිටි එකෙ හෙන තද කොෆී සොප් එකකට ගියා නේද? සුවර් එකට එකි උබට තගක් දාල ඉල්ලපුවම උබ අරන් දෙන්න ඇති. නෙදකින් උබ වගෙ ගොන් තඩියෙක් බන්. ගෑනිට බයේ ඉන්නවා. මම අරූට පල් එක දැම්ම.හපොයි බන් ඩොලර් එකසිය අසූවක් කියන්නෙ පොඩි ගානක්ද? චන්දරය අවංකෙන්ම විස්සෝප උනා. 

අඩෝ බන් මන් ගෑනිත් එක්ක කොහේවත් ගියෙ නෑ අද. ඒපාර මෙන්න මෙකා හිනා වෙවි කියනව.

මන් අද ජොබට ගියා බන් සිටි එකට. එවෙලෙ පොඩි කොෆී එකක් ගහන්න හිතිල ගිය සෙවන් ඉලෙවන් එකකට.

ඉතින් යකෝ සෙවන් ඉලෙවන් වල ඩොලර් එකසිය අසූ එකට කොෆී නෑනෙ. එව්වයි තියෙන්නෙ ඩොලර් එකෙ ඒවනෙ. චන්දරය මැදින් පැන්න.

හරි යකෝ. සෙවන් ඉලෙවන් ගියෙ මං ඩොලර් එකේ කෝපි බුන්න තමයි. ගිහිල්ල කෝපි එකත් අරං එනකොට කාර් එකට ඩොලර් එකසිය අසූවකට දඩයක් ගහල බන් කාර් එක ලෝඩින් බේ එකක පාක් කලා කියල.පක්කු...!!!. මුන් මන් කාර් එක පාක් කරල යනකන් හොරෙන් බලන් ඉදල. කෝපි එක ඩොලර් එකයි. දඩේ 180. ඔක්කොම ඩොලර් 181. ඒකියන්නෙ මන් ඩොලර් එකසිය අසූවට කෝපි බිව්ව වගේ තමයි ඉතින්.

ඔකේ මච්චාං වැඩ පටන් ගන්න ඕනි. මන් තිබ්බා එහෙනම්. ගිය සල්ලි ටික හොයන්නත් එපැයි. අපිටමයි මෙව්ව වෙන්නෙ.

ගයිය කැපුනා....!!

චන්දරයත් අදට කැපුන එහෙනම්. පස්සෙ සෙට් වෙමු හරිය...