අඟහරුවාදා හැන්දෑවෙ චන්දරයගෙ පෝන් කටුවට ගයියගෙන් කෝල් එකක් ආපි.
අඩෝ මච්චාං..... උබ දන්නවද වැඩක්.. මන් අද ඩොලර් එකසිය අසූ එකකට කොෆී එකක් ගැහුවා.
හුකෑස්...මොකක්? උබ අරාබියෙ සුල්තාන් කෙනෙක් වත්ද බන්? කෝපි එකේ ගාන ඇහුවම ආපු හීනි කලන්තෙ ගතියත් එක්කම මන් ඒම ගය්යගෙන් ඇහුව.
ඇපි ඒම පොරවල් බන් දැන්. උබල වගේ පඩ ඩයල් නෙවි. ගය්යගෙන් පොර ටෝක්ස් විමානයයි.
යකෝ දවසට ඩොලර් සීයක් එකසිය පණහක් හොයාගන්න පුදුම කටුවක් කන ගය්යල අපි වගෙ හින්නි ඩෑල් වලට ඩොලර් දහයෙ කොෆීත් ඉතින් හෙන ලක්සිරි බඩු නෙ. අනෙක සෙවෙන් එලෙවෙන් කියන කඩවලින් ඩොලර් එකට ඉස්මෝල් කොෆී එකක් ගන්න පුලුවන්නෙ. චන්දරය ඒම කල්පනා කලා.
හැබැයි මුට ලොටරියක් නම් ඇදිල නෑ සුවර්.
ඒත් කියන්න බෑ.. ගයියට ඉන්නව හෙණම එක්ස්පෙන්සිව් ඒ වගෙම හෙනම එක්ස්ප්ලොසිව් වයිෆි කෙනෙක්. ෂොපින් මෝල් එකකට ඒම ඒකි එක්ක ගියොත් ඉතින් වසල හමාරයි. අනිවා ඩොලර් සීයකට හමාරකට ගයියට තට්ටු වෙනව.ඇරන් දෙන්න බෑ කිව්වොත් ඉතින් ගය්යට ආටි ක්ලෙමෝ වලින් තමයි ඇටෑක් එක එන්නෙ.
උබ ගෑනි එක්ක සිටි එකෙ හෙන තද කොෆී සොප් එකකට ගියා නේද? සුවර් එකට එකි උබට තගක් දාල ඉල්ලපුවම උබ අරන් දෙන්න ඇති. නෙදකින් උබ වගෙ ගොන් තඩියෙක් බන්. ගෑනිට බයේ ඉන්නවා. මම අරූට පල් එක දැම්ම.හපොයි බන් ඩොලර් එකසිය අසූවක් කියන්නෙ පොඩි ගානක්ද? චන්දරය අවංකෙන්ම විස්සෝප උනා.
අඩෝ බන් මන් ගෑනිත් එක්ක කොහේවත් ගියෙ නෑ අද. ඒපාර මෙන්න මෙකා හිනා වෙවි කියනව.
මන් අද ජොබට ගියා බන් සිටි එකට. එවෙලෙ පොඩි කොෆී එකක් ගහන්න හිතිල ගිය සෙවන් ඉලෙවන් එකකට.
ඉතින් යකෝ සෙවන් ඉලෙවන් වල ඩොලර් එකසිය අසූ එකට කොෆී නෑනෙ. එව්වයි තියෙන්නෙ ඩොලර් එකෙ ඒවනෙ. චන්දරය මැදින් පැන්න.
හරි යකෝ. සෙවන් ඉලෙවන් ගියෙ මං ඩොලර් එකේ කෝපි බුන්න තමයි. ගිහිල්ල කෝපි එකත් අරං එනකොට කාර් එකට ඩොලර් එකසිය අසූවකට දඩයක් ගහල බන් කාර් එක ලෝඩින් බේ එකක පාක් කලා කියල.පක්කු...!!!. මුන් මන් කාර් එක පාක් කරල යනකන් හොරෙන් බලන් ඉදල. කෝපි එක ඩොලර් එකයි. දඩේ 180. ඔක්කොම ඩොලර් 181. ඒකියන්නෙ මන් ඩොලර් එකසිය අසූවට කෝපි බිව්ව වගේ තමයි ඉතින්.
ඔකේ මච්චාං වැඩ පටන් ගන්න ඕනි. මන් තිබ්බා එහෙනම්. ගිය සල්ලි ටික හොයන්නත් එපැයි. අපිටමයි මෙව්ව වෙන්නෙ.
ගයිය කැපුනා....!!
චන්දරයත් අදට කැපුන එහෙනම්. පස්සෙ සෙට් වෙමු හරිය...

No comments:
Post a Comment